ඉන්ධන ප්‍රශ්නය ලබන සතියෙන් ඉවරයි – බලශක්ති අමාත්‍යාංශ ලේකම් කියන කතාව

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පවසනවා.
“බලශක්තිය රටට ශක්තියක්” මැයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ලේකම්තුමිය මෙම අදහස් පළ කළා.
මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් ලැබීමට නියමිත බවත්, එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදුකරන බවත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළා.



