මෙරට වයස්ගතම කාන්තාව දිවි ගමන නිමා කරයි

මෙරට වයස්ගතම කාන්තාව දිවි ගමන නිමා කරයි

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ඉමදුව, කනංකේ, කනංකේවත්තේ පදිංචිව සිටි කංකානම් ගමගේ ඩිංගිහාමි,වයස අවුරැදු 116 ආයු වළඳා අද (10 ) උදෑසන සිය ජීවන ගමන නිමා කර තිබෙනවා.

ඩිංගිහාමි අකුරැස්ස, අතුරලිය ප්‍රදේශයේදී 1906 ජනවාරි මස 11ස් වන දින උපත ලැබූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඒම් ජී ද නෝරිස් සමග විවාහ දිවිය ඇරඹු ඩිංගිහාමි කෘෂි කර්මාන්තයෙන් සිය ජීවනෝපාය සරි කරගනු ලැබුවා.

ඩිංගිහාමි සහ නෝරිස්ට දාව පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක් සිටි අතර එම දියණිය කුඩා කලදීම මිය ගොස් තිබෙනවා.

පසුගිය වර්ෂයේ ජාත්‍යන්තර වැඩිහිටි දිනේ දී ඇය මහත් හරසරින් පුද ලැබුවා.

ජීවන ගමනට සමුදුන් ඩිංගිහාමි ගේ දේහය මේ වන විට කනංකෙවත්ත නිවසේ තැන්පත් කර ඇති අතර ඇයගෙ අවසන් කටයුතු හෙට (11) පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.