රජයේ යෝජිත නගර සංවර්ධන සැලසුම් ජනපතිට

ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
රජයේ වැඩපිළිවෙළ අනුව රටේ සංවර්ධන ඉලක්ක, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් ප්‍රධාන නගර සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරිය රේඛීය ආයතන සමග එක්ව සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එහි පළමු අදියර යටතේ ගාල්ල, බණ්ඩාරවෙල, රත්නපුර නගර මධ්‍යය සහ තිඹිරිගස්යාය, කොටුව, පිටකොටුව හා කොල්ලුපිටිය යන සුවිශේෂි ආර්ථික මෙහෙයුම් කලාප සංවර්ධනයට ලක් කිරීමට නියමිතයි
හරිත නගර සංකල්පයට ප්‍රමුඛතාව දෙමින් සියලු පහසුකම් සහිත ආකර්ෂණීය අයුරින් සැලසුම් නිර්මාණය කර තිබෙනවා.
පුළුල් මාර්ග, වාහන නැවතීමේ පහසුකම්, පදික වේදිකා, වෙළෙඳ සංකීර්ණ, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ආලෝක පද්ධති ඇතුළු පහසුකම් රැසක් නව සැලැස්මට ඇතුළත් වනවා.
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අදාළ නගර ආශ්‍රිතව ඇති ඓතිහාසික ස්ථාන සුරැකීම සේම, පැරණි ගොඩනැඟිලි ජනතා ආකර්ෂණය ඇතිවන ආකාරයෙන් සංරක්ෂණය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ.





