ක්‍රිකට් පිටියේ වෙනස් වෙන නීති

ක්‍රිකට් පිටියේ වෙනස් වෙන නීති

මෙම වසරේ ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට ජගත් ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් වෙනස් කරන්නට ක්‍රිකට් නීති සම්පාදකයින් වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රීඩා සමාජය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් අවදානම නිසා ක්‍රිකට් පන්දුවේ ඔපය රැක ගැනීමට ඛේටය භාවිතය තාවකාලිකව තහනම් කළත් එය පූර්ණ කාලීනව තහනම් කිරීමටයි නව නීති අනුව තීරණය කර ඇත්තේ.

උඩ පන්දුවක් රැකගත් අවස්ථාවකදී පිටියේ පිතිකරුවන් පැති මාරු කරගත්ත ද ඊළඟ පන්දුවට මුහුණ දීමේ අවස්ථාව නව පිතිකරුවා වෙතට ලබා දීමටත් තිරණය කර තිබෙනවා.