ජයන්තගේ පුටුව ලොහාන් භාරගයි

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට වන ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනෙරත්ගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කර තිබුණා.
පෙරේ දා (8) ඔහු ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දෙනු ලැබුවේ මාධ්‍ය හමුවක් පවත්වමින්.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත සමරවීර ඉකුත් දිනවල දී තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර සිටියා.

