යළිත් කඩදාසි හිඟයක් – මුද්‍රණ දෙපාර්තමේන්තුවත් අර්බුදයක

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පාසල් පෙළපොත්, ආකෘතිපත්‍ර, දහම්පාසල් පෙළපොත් සහ ලොතරැයි කිහිපයක් මුද්‍රණය කිරීමේ ගැටළු මේ වනවිට මතුව ඇති බවයි.
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් කඩදාසි ආනයනයට ගැටළු මතු වුණේ මීට මාස කිහිපයකට පමණ පෙර සිටයි.
වරාය තුළ කඩදාසි සහිත කන්ටේනර් අටක් පසුගිය කාලයේ සිරව තිබූ අතර, ඒවා පසුව නිෂ්කාශනය කර ගැනීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත්, එම කඩදාසිද මේ වනවිට අවසන් වෙමින් පැවතීම හේතුවෙන් රජයේ ඉදිරි මුද්‍රණ කටයුතු සඳහා බරපතල ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

