කිරි බීලත් ඉවරයි – කිරි පිටි මිල තවත් ඉහළට ?

කිරි බීලත් ඉවරයි – කිරි පිටි මිල තවත් ඉහළට ?

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සුදානම් වේ.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 120 කින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5,500 දක්වා ඉහළ ගොස් ඇතැයි, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ එවැනි පසුබිමක් තුළ කිරිපිටි මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.