පුටින් අවසානය දක්වා සටන් කරනවා – හිටපු රුසියන් ඔත්තුකාරියගේ හෙළිදරව්ව

පුටින් අවසානය දක්වා සටන් කරනවා – හිටපු රුසියන් ඔත්තුකාරියගේ හෙළිදරව්ව

තම මව් රට අසල්වැසි යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ආලියා රෝසා නැමති තරුණිය ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා.

ඇය රුසියාවේ ඔත්තුකාරියක් ලෙස කටයුතු කළ අතර ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ හමුදා වැඩසටහනේ පවා පුහුණු වූ අයෙක්. “ලෝකයේ වඩාත්ම කොමියුනිස්ට් රටෙහි මා ඉගෙන ගත් මගේ රහස්” බෙදාගැනීමට අවශ්‍ය බව 37 හැවිරිදි රෝසා ඇගේ සමාජ මාධ්‍යවල කියා තිබුණා.

ඩොලර් මිලියන ගණනක විලාසිතා ව්‍යාපාරයක් පිටුපස සිටින ඇය රුසියාවට බෙහෙවින් ගැති වූ කාලයක් තිබුණු නමුත් ඇය දැන් ක්‍රියාකාරීව සාමය වෙනුවෙන් පෙළගැසී සිටින කෙනෙක්. ඉහළ පෙළේ රුසියානු හමුදා ජෙනරාල්වරයෙකුගේ දියණිය වන ඇය දැනටමත් බොහෝ දේ බෙදාගෙන තිබෙනවා. මෑතකදී බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Jam Press සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පුටින්ට අවශ්‍ය දේ තමා දන්නා බව කියා සිටියා.

මම පුටින් එක්ක එකම හමුදා වැඩසටහනක පුහුණුව ලැබූවා. ඉතා ආතති සහගත තත්වයක් තුළ සන්සුන්ව සිටින්නේ කෙසේදැයි අපි ඉගෙන ගත්තා,ඇය පැවසුවා.

“පුටින් හැමදාම දිනනවා. ඔහුට මෙම යුද්ධය පැරදිලා ආපහු හැරෙන්න බෑ, මොකද එය ඔහුගේ කීර්ති නාමයට හානියක්. ඔහු අවසානය දක්වාම යයි. ඔහු තම ඉලක්කය සපුරා ගැනීම සඳහා හැම දෙයක්ම කරයි.”

https://bit.ly/34xk3kG