ශෂී වීරවංශගේ නඩු තීන්දුව මැයි 06 ට කල්යයි

විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව මැයි මස 6 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළා.
එය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමටයි මීට පෙර දින නියම කර තිබුණේ.
එහෙත් අද නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ සඳහන් කළේ එම තීන්දුව ලබන මැයි 6 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ විත්තිකාර ශෂී වීරවංශ ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

