ඖෂධ මිල ඉහළ දැමීම ආනයනකරුවන් අතට

සාධාරණ අනුපාතයකින් ඖෂධ මිල ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙරට ඩොලරයේ අගය ඉහළ යාම මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය

