අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

