හෙට සිට පෞද්ගලික බස් නවතින ලකුණු

හෙට සිට පෞද්ගලික බස් නවතින ලකුණු

ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීම යන ඉල්ලීම් දෙකෙන් එකක් අද (13) දිනය තුළ ඉටු නොවුනහොත් හෙට (14) සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ යාම 45%ක ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව 15%ක බස් ගාස්තු වැඩිවීමක් අනිවාර්යෙන්ම හිමි බවද බස් ගාස්තුව වැඩි කරන තෙක් ධාවනය කළ නොහැකි බවද ඔහු සඳහන් කරයි.