දිවයින පුරා සංවර්ධන නිලධාරින් අද ලෙඩ වෙයි

වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා අද(14) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසයි.
එහි ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ, රැකියාලාභී උපාධිධාරි සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක සහය ඇතිව අද දිනයේ මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය ක්රියාත්මක වන බවයි.

