පාපන්දු පිටියේ රජු බවට රොනල්ඩෝ පත්වෙයි

පාපන්දු පිටියේ රජු බවට රොනල්ඩෝ පත්වෙයි

ලෝකයේ වැඩිම ගෝල් ප්‍රමාණයක් හිමි කරගත් පාපන්දු ක්‍රීඩකයා වීමට ක්‍රිස්ටියා‍නෝ රොනල්ඩෝ පත්ව තිබෙනවා.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්තා අනුව පිරිමි පාපන්දු ඉතිහාසයේ මෙතෙක් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා ලෙස රොනල්ඩෝ පත්ව තිබෙන්නේ ගෝල් 807ක් වාර්තා කිරීමත් සමඟයි.

(12) දිනයේ පැවැති මැන්චස්ටර් යුනයිටඩ් සහ ටොටන්හැම් තරගයේ දී මැන්චැස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගෝල 3 – 2 ලෙස ජයග්‍රහණය හිමි කරගන්නවා.

මෙහිදී මැන්චැස්ටර් කණ්ඩායම වෙනුවෙන් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට රොනල්ඩෝ සමත් වන්නේ එතෙක් ලෝකයේ වැඩිම ගෝල් ලාභියා බවට පත්ව සිටි ජොසෙෆ් බීකාන්ගේ ගෝල 805 වාර්තාව බිඳ දමමින්.

ඒ අනුව වෘත්තීමය පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම ගෝල ලාභියා බවට රොනල්ඩෝ ගේ නම පාපන්දු වාර්තා අතරට එක්ව තිබෙනවා.

ලෝකයේ දැනට වැඩිම ගෝල ලාභීන් 10 දෙනාගේ ලැයිස්තුව පහතින්,