අමාත්‍ය ධූර බාර ගන්න ජනපතිගෙන් සියළු පක්ෂවලට ඇරයුමක්

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කර මේ බව සඳහන් කළා.
ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ආසියාවේ ප්රජාතන්ත්රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත්, සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.
ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබෙනවා.

