ඇඳිරි නීතිය නොතකා ඊයේ පාරට බැස්ස මිනිස්සු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ විරෝධතා සංවිධාන කර තිබුණා.
මීගමුව – දූව ලෙල්ලම ප්‍රදේශයේ සිට විරෝධතා පාගමනකින් මීගමුව නගරයට පැමිණ විරෝධතාවයේ නිරතවූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඊට ධීවරයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
මේ අතර, නුගේගොඩ – විජේරාම හන්දියේ පැවති විරෝධතාව රාත්‍රීය වනතුරු ක්‍රියාත්මක වුණා.
බොරැල්ලේ දී ද ඊයේ තවත් විරෝධතාවක් පැවති අතර ඒ සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව, ඊයේ දිනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබූ විරෝධතාවකට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද පියවර ගැණුනා.
රටේ පවතින අර්බුදකාරි තත්ත්වයන්ට විරෝධය කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබූ අතර අප වාර්තාකරුවන් පැවසුවේ මීගොඩ, රාගම – පේරලන්ද, ගාල්ල, නිකවැරටිය, ගම්පොල සහ කැළණිය ඇතුළු ප්‍රදේශවල එම විරෝධතා පැවති බවයි.







