ආයතනවලට ඉන්ධන තනිව ගෙන්වා ගන්න බලපත්‍ර

තෝරාගත් විශේෂිත ක්ෂේත්රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීමට හැකි වන ලෙස ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශව සඳහා බලපත්‍ර ලබා දීමට හැකි වන ලෙස 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
ඊට අදාළ යෝජනාව බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

