රුධිරය එකතු කරන “බෑග්” වල හිඟයක්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා රුධිර සංචිත පවතින බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා දිනපතා පල වෙන පුවත් පතකට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගය හේතුවෙන් රුධිය සංචිතවල යම් අඩුවක් පවතින බව කී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිරය එකතු කරන ‘බෑග්’ වර්ග හතරෙන් එක බෑග් වර්ගයක පමණක් දැඩි හිඟයක් පවතින බව ද සඳහන් කළේය.
බෑග් ලබාදීමට සෞඛ්‍ය සැපයුම් අංශය ප්‍රමුඛතාව ලබාදීමට පොරොන්දු වී ඇති බවත් ඉතාම ඉක්මණින් බෑග් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියි.

