හෙට වර්ජනයට ලංගම, දුම්රිය නැහැ

හෙට (28) දිනයේ දුම්රිය සහ ලංගම සේවක වෘත්තීය සමිති එක් නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ හෙට දින රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පැවැත්වීමට කටයුතු කර ඇති වැඩවර්ජනයට දුම්රිය සහ ලංගම සේවක වෘත්තීය සමිති එක්නොවන බවයි.
එමෙන්ම එම වැඩවර්ජන ක්‍රියාවලියට පෞද්ගලික බස් රථ සේවා ද එක්නොවන බව ඔහු සදහන් කරයි.
ඒ අනුව පොදු මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එම නියෝජිතයන් එකග වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
හෙට දින ධාවනයේ යෙදෙන පොදු ප්‍රවාහන සේවා සඳහා ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

