මංගල සැපයුම් කරුවනුත් වැඩට බහී

මංගල සැපයුම් කරුවනුත් වැඩට බහී

ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද (28) දිනයේ දී දැවැන්ත සංකේත වැඩවර්ජනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එයට සමගාමීව පානදුරේ පානදුර මංගල සැපයූම් කරුවන්ගේ සංගමය ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ආණ්ඩු විරෝධී සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැළි සිටි බවට වාර්තා වෙනවා.