මාතරටත් “ගෝඨාගෝගමක්”

මාතරටත් “ගෝඨාගෝගමක්”

“ගෝඨාගෝගමේ ” ශාඛාවක් ආරම්භ කරමින් මාතර නගරයේද විරෝධතා වයක් ආරම්භ කර තිබේ.
එම විරෝධතා වය සඳහා ඊයේ (27) රාත්‍රී පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහභාගී වු අතර එහිදී උන්වහන්සේ මෙසේ
අදහස් පළ කළේය.

“අර්බුදය දිගින් දිගටම යනවා . පාන් රාත්තල ලබන සතිය වෙද්දි රු 400ක්. ගෑස් සිලින්ඩරය රු 10,000ක් වෙයි.
ඔවුන් ඉතාම පැහැදිලිව දන්නවා අර්බුදය ඇවිලීගෙන යනවිදිය. නමුත් පියවරක් සම්බන්ධයෙන් ඒ අයගේ
කිසිදු විසඳුමක් නෑ. ඔවුන්ට ඕනේ තවදුරටත් පාලන බලයේ රැ ඳී සිටින්න. ගෝඨාගෝගම මාතර පිහිටුවීම මේ
මහා අර්බුදයට පහනක් දැල්වුවා වගෙයි. මාතර ගෝඨාගෝගම ශාඛා වට අපි ආශිර්වාද කරනවා. මේ අරමුණ
ඉටුවෙන තෙක් පසුබසින්න එපා . ඒකාන්තයෙන්ම ජනතාවට ජයග්‍රහණය ලැබෙනවාමයි.” යනුවෙන් අදහස් දක්වා සිටියා.