සනත් රට වෙනුවෙන් තවත් අඩියක් ඉස්සරහට තියයි

සනත් රට වෙනුවෙන් තවත් අඩියක් ඉස්සරහට තියයි

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යඖෂධ ලබා ගැනීම සඳහා තවදුරටත් ඉන්දීය සහය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ඉල්ලා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමඟ අද පැවති සාකච්ඡාවකදී.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා සනත් විසින් ඉන්දීය සහය ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විට රට තුළ හිඟයක් පවතින අත්‍යාවශ්‍ය පිළිකාඖෂධ සහ අනෙකුත් ජීවිතාරක්ෂකඖෂධ සනත් ජයසූරිය මහතා විසින් ඉල්ලා තිබෙනවා. ජයසූරියගේ ඉල්ලීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එවීමට නියමිත වෛද්‍ය සැපයුම් පිළිබඳවද බග්ලේ විසින් සනත් ජයසූරිය දැනුම්වත් කර තිබෙනවා.