ඉතාලියේ පාදුවා නුවර දේව මෙහෙය සිංහලෙන්

ඉතාලියේ පාදුවා නුවර දේව මෙහෙය සිංහලෙන්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සිංහල බසින් දිව්‍ය පූජාවක් ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද(01) පැවැත්වීමට නියමිතයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම දේව මෙහෙය සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුලු පිරිසක් සහභාගි වන බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කර තිබෙනවා.

ඉතාලියේ වේලාවෙන් දහවල් 12.00 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට එය පැවැත්වෙනු ඇත.