ගුවන් යානයෙත් ඇහෙන අරගලයේ හඬ

ගුවන් යානයෙත් ඇහෙන අරගලයේ හඬ

ජනාධිපතිට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ආරම්භ වූ ගෝල්ෆේස් අරගලයට අද දින 23ක් වෙනවා.

අධික වර්ෂාවද නොතකමින් ජනතාව ඊයේ රාත්‍රියේත් අරගල භූමියේ රැදී සිටි අතර අගමැතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවද අරලියගහ මන්දිරිය ඉදිරිපිටදී තවදුරටත් ක්‍රියාත්මකයි.

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර ඇති ‘මයිනාගෝගමේ’ සවි කර තිබූ අට්ටාලයක් අද (01) අලුයම පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ.

ඒ හේතුවෙන්, එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර විරෝධතාකරුවන් ඊට දැඩි විරෝධය පළ කර ඇත.

මේ වනවිට ගෝල්ෆේස් අරගල කරුවන් මයිනාගෝගමට සහය පල කිරීම සඳහා ගොස් තිබෙනවා. පොලීසිය කඩා බිඳ දැමු අට්ටාලය වෙනුවට ඔවුන් විසින් අලුත් අට්ටාලයක් අරලියගහ මන්දිරය අසල ඉදිකර තිබෙනවා.

මේ අතර ගාලු මුවදොර අරගලයට සහය පළ කිරීම සඳහා බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගුවන් මගින් මෙරටට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණයවනවා.

එම වීඩියෝව පහතින්,