ප්‍රභූවරු නැතිව කැස්බෑවේ ඇවිදින මංතීරුව පුංචි දියණියක් විවෘත කරයි

ප්‍රභූවරු නැතිව කැස්බෑවේ ඇවිදින මංතීරුව පුංචි දියණියක් විවෘත කරයි

කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දියණියක් විසින් පසු ගිය දවසක විවෘත කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වැයකර මෙම ඇවිදින මංතීරුව ඉදිකර තිබුණා.

කැස්බෑව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකින් අනතුරුව කුඩා දරු දෙදෙනකු විසින් ඇවිදින මං තීරුවට ප්‍රවිශ්ඨ වීම සඳහා තිබෙන පිවිසුම හරහා යොදා තිබූ පීත්ත පටියක් කපා එය විවෘත කර බවයි වාර්තා වුණේ.

“ජනතා බදු මුදලින් නිමකරන ලද කැස්බෑව වැව වටා ඇවිදින මංතීරුව 2022-04-28 ජනතාව සුරතින් විවෘත වූ වගයි” යනුවෙන් කුඩා පුවරුවක් ද පසෙක සවිකර තිබුණා.