රිය අනතුරක් නිසා ප්රකෝපකාරී වූ ජනතාව ඩිෆෙන්ඩරයට ගිනි තබයි

ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) සවස කුලියාපිටිය, කනදුල්ල ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
එලෙස මිය ගොස් ඇත්තේ කුලියාපිටිය කනදුල්ල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි
අනතුරින් පසුව ප්රකෝපකාරී වූ අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට පහරදී ගිනි තබා තිබුණි.
ඩිෆෙන්ඩර් රථය පැදවු රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත




