ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද කියලා දැන් බලමු

ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද කියලා දැන් බලමු

මේ රටේ ජනතාව ඉල්ලා සිටින ජයග්‍රහණය උදෙසා අද තීරණාත්මක පියවරක් තැබූ බවත් ඒ අනුව විශ්වාසභංග දෙකක් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගය ජනතා අපේක්ෂාවන් සමග කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතා අපේක්ෂාවන් පිළිබිඹු කැරෙන විශ්වාසභංග යෝජනාවලට අත්සන් නොකරන සහ සහයෝගය ලබා නොදෙන මහජන නියෝජිතයින් කවුදැයි ජනතාවට හඳුනාගත හැකි බවද පැවසීය.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග දෙකක් අද (03) කතානායකවරයාගේ නිල නිවසේදී භාර දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිනි.

එම අවස්ථාවට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සහභාගිවී සිටියා.