කොටුවේ ජනාධිපති මන්දිරයට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඇතුළුවෙයි

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටට මීට ටික වෙලාවකට පෙර විරෝධතාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඇතුළු අරගල භූමියේ සිටින කණ්ඩායමක් ඇතුළු වී තිබෙනවා.
මේ පිරිස කොළඹ කොටුව ඕලන්ද රෝහල ඉදිරිපසින් ගොස් මහබැංකුව ඉදිරිපස ඇති ගේට්ටු විවෘත කරගෙන, කොටුව ජනාධිපති මන්දිරස දෙසට ඇතුළු වූ බව යි වාර්තා වෙන්නේ
අනපේක්ෂිත ලෙස සිදු කෙරුණු මෙම ඇතුළු වීම පාලනය කර ගැනීමට ඒ අවස්ථාවේ කොටුව අරගල භූමිය අවට සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරින්ට හැකියාවක් නො ලැබුණු අතර, මේ වන විට පොලිස් කැරලි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ සිද්ධිය වූ ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.
මෙම හදිසි කඩාපැනීම හේතුවෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට දැඩි උණුසුම් තත්ත්වයක් මතු වී ඇති බවට වාර්තා වෙනවා.

