අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි

අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි

කොල්ලුපිටිය අරලියගහ මන්දිරට ඉදිරිපට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ ඉවත් කළේය.

එහිදී සෑම පොලිස් වාහනයක් සඳහාම එක අට්ටාලය බැගින් ඉවත් කිරීමට උද්ඝෝෂකයින් එකග වී ඇත.

කෙසේ වෙතත් අධිකරණය නියෝග කර තිබුනේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයේ පදික වේදිකාව අවහිර වන සේ තබා ඇති සියලු දේපළ හා වාහන එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසටය.

අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවේ පොලීසිය කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

COMMENTS