කවුද කිව්වේ මම යන් නෑ – ජනපති කිව්වොත් මම යනවා

කවුද කිව්වේ මම යන් නෑ – ජනපති කිව්වොත් මම යනවා

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතත් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැන්වුවහොත් ඊට පිටු පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිනපතා පලවෙන පුවත්පතකට ඊයේ (03 ) අදහස් දක්වා තිබුණා.

එම පුවත්පත අගමැතිගෙන් කළ ප්‍රශ්න කිරීමට දුන්නේ මෙසේය.

උපුටාගැනීම

ප්‍රශ්නය – ඔබ අද ඉල්ලා අස්වූ පසු නව අගමැතිවරයා කවුද?

පිළිතුර – කවුද ඔබට මා ඉල්ලා අස්වෙන බව පැවුසවේ?

ප්‍රශ්නය – අද රටේ හැමෝම මේ ගැන කතා බහ කරනවා.

පිළිතුර – අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන බවට ජනාධිපතිතුමාටවත් මා දැනුම් දී නැහැ.

ප්‍රශ්නය – ඔබතුමා දැඩි වගකීමෙන්ද කියන්නේ?

පිළිතුර – ඔව්. ඉල්ලා අස්වෙන්න අදහසක් තාම නැහැ.

ප්‍රශ්නය – අද පාර්ලිමේන්තුවට ඔබතුමා සහභාගි වෙනවා. එහිදී ඉල්ලා අස්වීම ගැන ප්‍රකාශයක් කරන්න පුළුවන් නේද?

පිළිතුර – පාර්ලිමේන්තුවට සහභාගි වෙනවා. හැබැයි ඔබ සිතන අරමුණ අනුව ඉල්ලා අස්වීම ගැන කියවෙන්නේ නැහැ.

අලුත් ආණ්ඩුවක් අලුත් කැබිනට් මණ්ඩලයක් ගැන අද විවිධ කතා පැතිරෙනවා. ඒත් ජනාධිපතිතුමා සමග මේ ගැන තවම කතාබහ කරලත් නැහැ. ඒත් ජනාධිපතිතුමාගේ තීරණය මොකක්ද කියලා මං දන්නේ නැහැ. එදත් කිව්වා අදත් කියනවා එතුමා මට ඉවත් වෙන්න කිව්වොත් මට ඊට පිටුපාන්න බැහැ. නැතිනම් එකඑක්කෙනාට ඕනෑ ඕනෑ හැටියට තීරණ ගන්න මට බැහැ.

ප්‍රශ්නය – රාජපක්‍ෂපවුලට දැන් දිගටම මඩ ප්‍රහාර එල්ලවෙනවා. බැසිල් රාජපක්‍ෂ මහත්තයාට විශේෂයෙන් මඩ ගහනවා.

පිළිතුර – බැසිල් රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භකයා යි. ඔහුට මඩ ප්‍රහාර වැඩිපුර එල්ල වෙනවා. යනුවෙන් පවසා ඇත.

උපුටාගැනීම දිවයින පුවත්පතින්