ගාලු මුවදොර අරගලය අද 26 වැනි දිනටත්

ගාලු මුවදොර අරගලය අද 26 වැනි දිනටත්

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය අද 26 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

විරෝධතාවයේ නිරත පිරිස අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත් වී රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ මයිනා ගෝ ගම ජනතා විරෝධතාවද තවදුරටත් ක්‍රියාත්මකයි.

එම ස්ථානයේ පුද්ගලයෙකු මාරාන්තික උපවාසයක ද නිරත වෙනවා.