LPL අධ්‍යක්ෂ තනතුරින් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

LPL අධ්‍යක්ෂ තනතුරින්  රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ පෞද්ගලික හේතුවක් මත හේතුවක් මත ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි.

වික්‍රමරත්නගේ ඉවත්වීමත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන තරග සංවිධායක කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල පත්කර තිබේ.

2022 වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලිය මෙහෙයවීමේ වගකීම ඒ අනුව සමන්ත දොඩන්වෙලට පැවැරෙනු ඇත.