උද්ඝෝෂකයින්ට පොලිස් ඇප නෑ, මහරගම පොලීසිය අරගලකරුවන් වටලයි

උද්ඝෝෂකයින්ට පොලිස් ඇප නෑ, මහරගම පොලීසිය අරගලකරුවන් වටලයි

පාර්ලිමේන්තුව අසල සාමකාමී විරෝධතාවක නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහරගම පොලිසිය අසල විරෝධතාවක් පැවැත්වෙනවා.

ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් එම ස්ථානයට ගොස් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයක් පවත්වා ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ගෝඨාගෝගම නියෝජනය කරමින් කතානායකවරයා වෙත ලිපියක් භාරදීමට මෙම පිරිස පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මහරගම පොලීසිය ඉදිරිපට අරගලකරුවන් විරෝධතාවයේ නිරතව සිටියි.