අද මාධ්‍ය රාත්‍රියේ සිට සතියක් බස් වැඩ නෑ ?

පෞද්ගලික බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
හෙට දිනයේ රටපුරා ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගයක් ලබා දීමට සහ දිවයිනපුරා පවතින ඩීසල් හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ.
බොහෝ විට එළඹෙන 12වෙනිදා තෙක් බස් ධාවනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවද ගැමුණු විජේරත්න පවසනවා.
ඩීසල් නොමැති වීමෙන් පෞද්ගලික බස් රථ ධාවනය දැඩි අවිනිශ්චිත තත්වයක් ඇති බවත් බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට ආණ්ඩුව ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් විජේරත්න මහතා කීය.

