තම්ල්නාඩු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ලංකාවට

තම්ල්නාඩු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ලංකාවට

ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන බව පක්ෂය නිවේදනය කරයි. ශ්‍රිලංකාව වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා පක්ෂය දැනටමත් රුපියල් කෝටියක් ලබාදෙන බවට ප්‍රකාශ කර තිබියදී ඔවුන් මෙම නව යෝජනාවද ප්‍රකාශ කර තිබේ.

තම වැටුප් පරිත්‍යාග කරන ඩී.එම්.කේ පක්ෂයේ සභාපති, තමිල්නාඩු මහ ඇමති එම් කේ ස්ටාලින් මහතා කරන ලද ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගයන් සිදුකරයි.

ඩී,එම්.කේ හිලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප මහ ඇමතිගේ මහජන සහන අරමුදලට පරිත්‍යාග කරනු ඇත” යනුවෙන් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.