ගාල්ලෙන් ඇහෙන හර්තාල් අඩ බෙරය

ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්තව හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි.
ඊට සහාය පළ කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති රාජකාරී කටයුතුවලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර, පෞද්ගලික බස් සංගම් ද ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින අතර, මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන සමස්ත ලංකා පෞද්ගලික බස් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණුවිජේරත්න.
එහෙත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරන බවයි එහි සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ.
මේ වින විට ගාල්ලෙත් හර්තාලය ක්‍රියාත්මකයි, එහි විශේෂත්වය වෙන්නේ ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා ජනතාවට එක් වන ලෙස අඩ බෙරයකින් දැනුම් දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් තිබෙනවා.
එම දර්ශනය සහිත වීඩියෝව පහතින්,

