භූමිතෙල් නිකුත් කිරීමත් සීමා කරයි

ඉන්ධන ලබා දීම පිළිබඳව නැවතත් නිවේ දනයක් නිකුත් කර තිබෙනවා .
බූලි සහ කෑන්වලට ඉන්ධන ලබා නොදෙන ලෙස දන්වා තිබුණද තවමත් එය සිදුවන බවත්
අදාල චක්රලේකනයේ කොන්දේසිවලට පටහැනිව ඉන්ධන නිකුත් කිරීම නවතාලන ලෙසත් දැනුම් දී
තිබෙ නවා.
පාරිභෝගිකයෙකු සඳහා ඉන්ධන පිරවුම්හලකින් දිනකට භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ධීවර කර්මාන්තයේ නියැලී සිටින පාරිභෝගිකයින් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක් ඉදිරිපත් කළ යුතු බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
තවද මෙම උපදෙස්වලට පටහැනිව කටයුතු කළහොත් ඉන්ධන පිරවුම්හල්වලට ලබා දී ඇති සංස්ථා බෙදුම්කාරත්ව ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබෙනවා.
එම නිවේදනය පහතින්…


