බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ලංකාවට

බංග්ලාදේශය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
ඒ අද (06) පෙරවරුවේ දී යි.
එම ඖෂධ ප්රදානය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
මෙම ඖෂධවල වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් නැතහොත් රුපියල් මිලියන 830ක්.

