ඉන්ධන හිඟයෙන් බස් රථ ධාවනය සීමා වෙයි

ඉන්ධන හිඟයෙන් බස් රථ ධාවනය සීමා වෙයි

ඉන්ධන හිඟය හේතුවෙන් අද (07) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ලංගම සතුව ද මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට ද නොහැකි වී ඇති බවය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන හිඟයත් සමඟ අද හා හෙට පෞද්ගලික බස් රථ ධාවනය 25% දක්වා අඩුවිය හැකි බවයි.