ගෝල්ෆේස් නොනවතින අරගලය 29 වැනි දිනටත්

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය අද 29 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
විරෝධතාවයේ නිරත පිරිස අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව වහා ඉවත් වී රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි.
මේ අතර විවාහ දිවියට එළැඹුණු නව යුවළක් ඊයේ පස්වරුවේ අරගල භූමියට පැමිණ සිය විරෝධය පළ කළා.
ඊයේත් විශාල පිරිසක් එහි රැස්ව සිටියා.
සර්ව ආගමික නායකයින්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයින් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ද ඒ සඳහා එක්ව සිටිය බවට වර්තා වුණා.
ඊයේත් අරගලභූමිය විවිධ වැඩසටහන්වලින් අලංකාරවත් වී තිබුණි.




මේ අද උදෑසන එහි තත්ත්වය,




