නයි කතාව යළිත් කරළියට අරන් දර්ශන හඳුන්ගොඩ, දිලිත් ජයවීරට දුන් අභියෝගය

නයි කතාව යළිත් කරළියට අරන් දර්ශන හඳුන්ගොඩ, දිලිත් ජයවීරට දුන් අභියෝගය

මෙරට අතිශය ජනප්‍රිය මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු සහ ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන දර්ශන හදුන්ගොඩ විසින් අභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා නයි පෙන්වා සිය නාලිකාව මගීන් ජනතාව නොමඟ යැවූ බව පවසමින්.

රටේ පවතින වත්මන් තත්ත්වය විසඳීම උදෙසා විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා පාදක කරගෙන සැකසූ විද්වත් කතිකාවතක් අද (07) පෙරවරුවේ කොල්ලුපිටිය රේණුකා හෝටලයේදී පැවැත්වුණා.

මේ සඳහා විවිධ පුද්ගලයින් පැමිණ සිටි අතර SL Deshaya යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් දර්ශන හඳුන්ගොඩ ද එම අවස්ථාවට සහභාගී වී තිබුණා.

මෙහිදී දර්ශන හඳුන්ගොඩ නැගී සිටිමින් පවසා සිටියේ පිරිපුන් හෙටක් වෙනුවෙන් වැඩ කිරීමට පෙර තමන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගත යුතු බවයි. දිලිත් ජයවීරට අභියෝගයක් ඉදිරිපත් කරමින් දර්ශන හඳුන්ගොඩ අදහස් පළ කළ අතර ඊට කිසිදු අදහසක් නොදක්වා දිලිත් ජයවීර එම සභාවෙන් පිටව ගොස් තිබුණා.

දර්ශන :- SL Deshaya