භික්ෂු විරෝධතා රැළියක් අද කොළඹදී

ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන දැවැන්තම භික්ෂු විරෝධතා රැළියක් අද (07) සවස 03ට කොළඹ හයිඩ් පිටියේදී පැවැතිවීමට නියමිතයි.
දිවා රෑ සිදුකරණ මහජන විරෝධය ශක්තිමත් කිරීම සඳහා භික්ෂුවට ඇති කාර්ය භාර්යය හඳුනාගත් ජාතික භික්ෂු පෙරමුණ මහානායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සියලුම නායක පාර්ශවයන් සහභාගී කරගෙන මෙම භික්ෂු විරෝධතාවය පවත්වන බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම භික්ෂු විරෝධතා රැළිය අවසානයේදී ගාලු මුවදොර පිටිය දක්වා පෙළපාලියක්ද සංවිධානය කර ඇත


