20 වෙනුවට 21 ගේන්න හදන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

20 වෙනුවට 21 ගේන්න හදන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති 21 වන සහ22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළත් ගැසට් අතිරේකයක් නිකුත් කරනු ලැබ ඇත.

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත කතානායකවරයාට භාර දෙනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි.

සමගි ජන බලවේගය පක්ෂය විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත බාර දුන්නේය. පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා මෙම ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන්වේ.