ඔටෝ ඩීසල් නිකුත් කිරීමත් සීමා කරයි

ඔටෝ ඩීසල් නිකුත් කිරීමත් සීමා කරයි

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් සීමාසහිතව ඔටෝ ඩීසල් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර, තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ බොරතෙල් තොගයක් සඳුදා ගොඩබෑමට නියමිත ය.

දෛනිකව සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් 2500 ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් නිකුත් කරන බව අමාත්‍යවරයා පවසයි.