අනුරාධපුරයට ගිය මහින්දට ජනතා විරෝධයක්

අනුරාධපුරයට ගිය මහින්දට ජනතා විරෝධයක්

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිද්ධස්ථාන වන්දනා කරමින් මහා සංඝ රත්නය බැහැදිකීම සඳහා අනුරාධපුරයට ගොස් තිබෙනවා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගත් අගමැතිතුමා රුවන්වැලි මහා සෑ විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුවයි රුවන්වැලි සෑයේ ආගමික වතාවත්වලට අගමැතිවරයා එක්වුණේ.

මෙහිදී කිසියම් පිරිසකගේ විරෝධතාවයක් ද අගමැතිවරයාට එරෙහිව පවත්වා තිබෙනවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාද මිරිසවැටිය චෛත්‍යයට ගොස් චෛත්‍යාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ද එහි සිටි පිරිසක් විවිධ සටන් පාඨ කියමින් අග්‍රාමාත්‍යවරයා විරෝධය පළ කර තිබෙනවා.

දර්ශන :- live at 8