IPL තරඟාවලියේ හොඳම පන්දු යැවීම වනිඳුගෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 67 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
එම තරගයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අසරණ කරමින් කඩුලු 5ක් දවාගත්තේය.
ඒ අනුව මෙවර IPL තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබේ.
රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් IPL තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු යවන්නා ලෙසද වනිඳු හසරංග මෙලෙස වාර්තා අතරට එක්වී ඇත.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟය අද මුම්බායි හි පිහිටි වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත් වුණි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 192ක් ලබාගත් අතර, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19ටයි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 125ක් පමණී.

