නව මහ බැංකු අධිපති යටතේ බිලියන 15ක් සල්ලි අච්චු ගහයි

ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක්,
මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කළේය. මෙහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 1.14ක් වේ.
මෙම කාලය ඇතුළත මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති එක් දිනක වැඩිම මුදල් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අප්‍රේල් 19 වැනිදා.
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලනය යටතේ 2022 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 07 වැනිදා දක්වා කාලසීමාව තුළ පමණක් රුපියල් බිලියන 432.7ක් (රුපියල් කෝටි 43270ක්) මුද්‍රණය කර ඇති අතර එහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 4.5කි.
මේ අනුව 2022 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා අතර මාස 04 කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති සමස්ත ශුද්ධ මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 447.6කි.

