පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙඩි ප්‍රහාරයකින් මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සමඟ ඇති වූ ගැටුමකදී මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට අයත් බව කියන වාහනයකින් අද සවස නිට්ටඹුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වාර්තා වන අන්දමට මන්ත්‍රීවරයාගේ වාහනයෙන් පැමිණි පිරිසක් ප්‍රදේශයේ රැස්ව සිටි ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කළේය.
“මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පලා ගොස් අසල පිහිටි ගොඩනැගිල්ලක රැකවරණය ලැබුවා, දහස් ගණනක් ගොඩනැගිල්ල වට කළ අතර පසුව ඔහු ඔහුගේ රිවෝල්වරයෙන් සිය දිවි නසා ගත්තේය.” යනුවෙන් පොලිස් නිලධාරියෙක් මාධ්‍ය පැවසීය.
ඇඳිරි නීතිය පනවා තිබූ දිවයින පුරා දහස් ගණනක් වීදි බැස අගමැති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් මෙම සිදුවීම සිදු වූ අතර පසුව ඔහු ඉල්ලා අස්වීම ලබා දී ඇත.
අද කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටිය අසලදී සාමකාමී විරෝධතාවයේ නිරත වූ පිරිසට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් පහරදීම හේතුවෙන් දිවයින පුරා නොසන්සුන්තාවක් ඇති විය

