යෝෂිත රටින් පනී

යෝෂිත රටින් පනී

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ අද අළුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව වාර්තා වනවා.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

අද අළුයම 12.50 ට පමණ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්ෂක නිලධාරීන් ද රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ ගමනාන්තය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.