අරගලයට පහර දුන් ස්ථාන වල විමර්ශන කටයුතු පොලිසිය අරඹයි

පොහොට්ටුවේ ආධාරකරුවන් විසින් ඊයේ (09) දින විනාශකර දැමූ ගාලුමුවදොර ගෝඨාගෝගම අද (10) දිනයේ ඇඳිරිනීති මධ්‍යයේම එක්රැස් වූ පුරවැසියන් විසින් නැවත ස්ථාපිත කර තිබෙනවා.
ඊයේ දිනයේදී ඉතා අමානුෂික ලෙස ගෝඨාගෝගම තිබුණු අට්ටාල, පුස්තකාලය හා වෙනත් වටිනා ස්ථාන රැසක් මෙම ආධාරකරුවන් විසින් විනාශ කල අතර ඉන් අනතුරුව දිවයින පුරා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගල භුමියේ අරගලයට පහර දුන් ස්ථාන වල විමර්ශන කටයුතු අද දිනයේ පොලිසිය විසින් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.





